Tuesday, November 26, 2024

General line - 0115112241

සාම සාධක භටයින්ට එල්ල වූ ප්‍රහාර රටවල් 40ක් හෙළා දකි




ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ට එල්ල වූ ප්‍රහාර දැඩි ලෙස හෙළා දකිමින් රටවල් 40ක් ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තබා ඇති බව පෝලන්තය පවසනවා 

ඉරානයේ පිටුබලය ලබන ලෙබනන් සටන්කාමී කණ්ඩායමක් වන හිස්බුල්ලා සමඟ ඊශ්‍රායලයේ උග්‍රවන ගැටුමෙන් ලෙබනනයේ, එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා කාර්ය මණ්ඩලය කිහිප දෙනෙකු තුවාල ලබා තිබුනා.

Naquora හි පිහිටි සිය මූලස්ථානයට ප්‍රහාර දෙකක් එල්ල වූ බවයි ලෙබනනයේ, එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව පැවසුවේ

සාමසාධක භටයින්ට ඔවුන්ගේ ස්ථානවලින් ඉවත් වන ලෙස අනතුරු අඟවා ඇති අතර  ඊශ්‍රායලයයෙන් එල්ල වන ප්‍රහාර හෙළා දැකීම ජාත්‍යන්තර ප්‍රජාව තුළ ගොඩනැගෙමින් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

ගතවූ පැය 48ක කාලය තුළ සිදු වූ එවැනි සිදුවීම් දෙකකින් පසුවයි ඊශ්‍රායලයෙන් ඇමරිකා ජනාධිපති ජෝ බයිඩෙන් ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා භටයින්ට වෙඩි තැබීම වහා නතර කරන්නැයි ඉල්ලා තිබෙනවා 

ඊශ්‍රායල හමුදාව කියා සිටියේ ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අන්තර්වාර බලකායේ ශ්‍රී ලාංකික සොල්දාදුවන් දෙදෙනෙකු තුවාල ලැබූ සිද්ධියට තම හමුදා වගකිව යුතු බවයි.

තවද එහි කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කරන ලෙස සියලුම පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බවත් පෝලන්තය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් ඉහළම මට්ටමින් විමර්ශනය කරන බව ඊශ්‍රායල හමුදාව වැඩිදුරටත් කියා සිටියා.

ප්‍රකාශය අත්සන් කළ රටවල් අතර ජර්මනිය, ප්‍රංශය සහ එක්සත් රාජධානිය ද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ