Tuesday, November 26, 2024

General line - 0115112241

කෙහෙලිය තාවකාලිකව දේශපාලනයෙන් සමුගනිද්දී හිරුණිකා සජබ ප්‍රධාන තනතුරකින් ඉල්ලා අස්වෙයි

එන් ඒ ඩබ් නිරෝෂන්




සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් තමන් ඉවත් වීමට තීරණය කළ බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, කඩුවෙල ආසන සංවිධායක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා. කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ඇය මේ බව සඳහන් කළා. 


මේ අතර මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ද ක්‍රියාකාරී දේශපාලනයෙන් තාවකාලිකව සමුගැනීමට තීරණය කර තිබෙනවා.

සිය ඉදිරි දේශපාලන ගමන ගැන පාක්ෂිකයන් දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමින් ඔහු මේ බව අනාවරණය කළා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ තමන් ජනතාව වෙනුවෙන් සිදුකල සේවාවන් නිසි ආකාරව සිදුකල බවත් එල්ල වූ චෝදනාවලට අධිකරණය විසින් සාධාරණ තීන්දුවක් ලබාදෙනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි.