Tuesday, November 26, 2024

General line - 0115112241

ගං වතුර අවදානම තවදුරටත් - පහත් බිම්වල වෙසෙන ජනතාවට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්.




පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් හටගත් ගංවතුර අවදානම තවදුරටත් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග ඉංජිනේරු සකුරා දිල්තාරා මහත්මිය පැවසුවේ අත්තනගලු, කැලණි සහ කළු යන ගංඟා ද්‍රෝණිවල පවතින ගංවතුර අවදානම තවදුරටත් පවතින බැවින් ඒ ආශ්‍රිත පහත් බිම්වල ජීවත් වන ජනතාව දැඩි අවදානයෙන් කටයුතු කරන ලෙසයි. 


ජල ගැලීම් හේතුවෙන් පහත් බිම් තවදුරටත් ජලයෙන් යටවී ඇති බැවින් එම ප්‍රදේශ ඔස්සේ ගමන් කරන රථවාහනවල රියදුරන් ඒ පිළිබඳ අවදානයෙන් ගමන් කරන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.  


මේ අතර දිස්ත්‍රික්ක 08 කට පනවා තිබූ නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදනය හෙට පෙරවරු 04.00 දක්වා තවදුරටත් දීර්ඝ කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.