Tuesday, November 26, 2024

General line - 0115112241

මහ මැතිවරණයේදී ප්‍රධාන දේශපාලන පක්ෂ ගමට මුල්තැන දෙයි




මහ මැතිවරණයේදී වැඩි අවධානයක් යොමුකර ඇත්තේ ගම් මට්ටමේ කුඩා රැස්වීම්වලට සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්වලට බව ජාතික ජන බලවේගය පවසනවා.

එහි ජාතික විධායක සභික මහින්ද ජයසිංහ මහතා පැවසුවේ දිස්ත්‍රික් මට්ටමින් සියලු අපේක්ෂකයන්ගේ තොරතුරු ඇතුළත් පත්‍රිකාවක් සෑම නිවසකටම බෙදා හැරීමටද කටයුතු කරන බවයි.


සමගි ජන බලවේගයේ මහ මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු අදියර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි එම පක්ෂයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේ. 


දිස්ත්‍රික් මට්ටමින් කුඩා රැස්වීම් පවත්වමින් ජනතාව දැනුවත් කරමින් ඡන්ද ව්‍යාපාර කටයුතු පළමු අදියර යටතේ ආරම්භ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පැවසුවා.