Tuesday, November 26, 2024

General line - 0115112241

වැසි තත්ත්වයත් සමඟ බෝවන රෝග රැසක් හිස ඔසවන ලකුණු




පවතින වැසි තත්ත්වයත් සමඟ පාචනය, ඩෙංගු උණ සහ මී උණ වැනි රෝගී තත්ත්වයන් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.

ජල ගැලීම්වලට ලක් වූ ප්‍රදේශවල ළමුන්ට පිරිසිදු ආහාර සහ ජලය ලබාදෙන ලෙසත් මදුරුවන් බෝවන ස්ථාන අවම කර ගන්නා ලෙසත් ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියා.


ජල ගැලීම් සහිත ප්‍රදේශවල අසනීප තත්වයෙන් පසුවන ජනතාවටද දැනුම් දීමක්ද සිදුකළා.