Tuesday, November 26, 2024

General line - 0115112241

වැඩිම වර්ෂාපතනය උඩුගමට




ගාල්ල, උඩුගම ප්‍රදේශයට මිලිමීටර් 114 යි දශම 5 ක වර්ෂාපතනයක් ලැබී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඊයේ පෙරවරු 8.30 සිට මේ දක්වා කාලය තුළ වාර්තා වූ වැඩිම වර්ෂපාතනය එය බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

රත්ගම ප්‍රදේශයෙන්ද මිලිමිටර් 107 ක වර්ෂාපතනයක් වාර්තා වනවා.  

අම්පාර, උහන ප්‍රදේශයෙන් එම කාලය තුළ වාර්තා වි ඇති වර්ෂාපතනය මිලිමීටර් 86 ක්.

මේ අතර බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේ ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.