Tuesday, November 26, 2024

General line - 0115112241

කාලගුණයෙන් අලුත් නිවේදනයක්

එන් ඒ ඩබ් නිරෝෂන්




දිවයිනට බලපා තිබූ පහළ වායුගෝලයේ කැලඹීම ක්‍රමක් ක්‍රමයෙන් පහව යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහෙත් උදෑසන කාලයේ පවතින වැසි තත්ත්වය ලබන 17 වැනිදා දක්වා පැවතිය හැකි බවයි කාලගුණ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ.

බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේ ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.