Sunday, October 20, 2024

General line - 0115112241

ඉන්දු - කැනේඩියානු සබඳතා පලුදු කළ නිජ්ජාර් ත්‍රස්තවාදියෙක් කැනඩාවෙන්ම ප්‍රකාශයක්




2023 වසරේ සරේ ප්‍රාන්තයේ ගුර්ද්වාරා අසලදී වෙඩි තබා ඝාතනයට ලක්වූ හර්දීප් සිං නිජ්ජාර් කැනේඩියානු ජාතිකයෙකු නොව විදේශීය ත්‍රස්තවාදියෙකු බව කැනඩාවේ මහජන පක්ෂයේ නායක මැක්සිම් බර්නියර් පවසනවා.

ඔහු කැනඩාවේ සරණාගතභාවය ඉල්ලා කිහිප වතාවක්ම වංචනික ලේඛන භාවිතා කළ බවයි මැක්සිම් බර්නියර් පවසන්නේ.

සිය X ගිණුමේ සටහනක් තබමින් බර්නියර් පැවසුවේ, මේ වන විට කැනඩාවේ සිටින ලක්ෂ සංඛ්‍යාත ව්‍යාජ සරණාගතයින් මෙන්, ඔහුගේ ව්‍යාජ සරණාගතභාවය අනාවරණය විමෙන් පසුව බලධාරීන් නිජ්ජාර් පිටුවහල් කළ යුතුව තිබූ බවයි. 

පරිපාලන දෝෂය නිවැරදි කිරීම සඳහා මරණින් පසුව හෝ නිජ්ජාර්ගේ පුරවැසිභාවය ඉවත් කරන ලෙස ඔහු ඉල්ලා සිටියා.

ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයින් කැනඩාවේ සාපරාධී ක්‍රියාවල නිරත වන බවට Royal Canadian Mounted Police (RCMP) සහ ලිබරල් ආන්ඩුව විසින් කරන ලද චෝදනා "ඉතා බරපතල" බවත්, ඒවා සත්‍ය බව ඔප්පු වුවහොත් තීරණාත්මක ලෙස විසඳිය යුතු බවත් ඔහු අවධාරණය කළේය.

2020 දී ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය විසින් ත්‍රස්තවාදියෙකු ලෙස නම් කරන ලද නිජ්ජාර් පසුගිය වසරේ ජුනි මාසයේදී සරේ හි ගුර්ද්වාරාවක් අසලදී වෙඩි තබා ඝාතනය කර තිබුණි.