Friday, September 20, 2024

General line - 0115112241

ජනපති වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය සිට ගනී




ඕස්ටේ‍්‍රලියානු ප‍්‍රවෘත්ති වෙබ් අඩවි කිහිපයක් විසින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉලක්ක කර ගෙන පළ කරනු ලැබූ වාර්තාව රටට අවමානයක් ගෙනඑන වාර්තාවක් බව ඒකාබද්ධ විපක්‍ෂය පවසනවා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් සොයිසා පැවසුවේ මෙම චෝදනාවේ සත්‍ය අසත්‍යතාව වහා සොයා බැලිය යුතු බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියේදී ගතහැකි කි‍්‍රයාමාර්ග පිළිබද සාකච්ඡා කිරීම සඳහා ඒකාබද්ධ විපක්‍ෂය අග‍්‍රාමාත්‍යවරයා මුණගැසීමට නියමිත බවයි මන්තී‍්‍රවරයා සදහන් කළේ.