Friday, September 20, 2024

General line - 0115112241

‘‘ දියකාවා ’’ යුද අභ්‍යාසය 7 වන වරටත්




ශී‍්‍ර ලංකා යුද හමුදාව විසින් සංවිධාන කරනු ලබන ‘‘ දියකාවා ’’ යුද අභ්‍යාසය 7 වන වරටත් මෙවර පැවැත්වෙනවා. ඒ, මුලතිව් සහ ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්ක කේන්‍ද්‍ර කර ගනිමින්.

ති‍්‍රවිධ හමුදාව නියෝජනය කරමින් සෙබළුන් තුන් දහස් හයසිය පනහකට ආසන්න පිරිසක් ඊට සහභාගිවීමට නියමිතයි. මේ සදහා රටවල් 15 ක් නියෝජනය කරමින් යුද සෙබළුන් පනස් දෙනෙකුද සහභාගිවනු ඇති.

මෙම යුද අභ්‍යාසය සදහා විශාල ප‍්‍රමාණයේ යුද නෞකා පහක් සහ නාවුක යාත‍්‍රා 17 ක්ද ප‍්‍රහාරක ගුවන් යානා ඇතුළු යානා 15 ක්ද එක්වීමට නියමිතයි.

මේ අතර ශී‍්‍ර ලංකා යුද හමුදාව විසින් වාර්ෂිකව සංවිධාන කරනු ලබන කොළඹ ආරක්‍ෂක සමුළුව 6 වන වරටත් සැප්තැම්බර් පළමු වනදා සහ 2 වනදා කොළඹදී පැවැත්වීමට නියමිතයි.

‘‘මෘදු බලය සහ ගෝලීය ගැටලූ කෙරෙහි එහි බලපෑම ’’ මෙවර ආරක්‍ෂක සමුළුවේ තේමාවයි.

Exercise_Cormorant_Strike_VII_to_commence_in_September_20160825_02p1 Exercise_Cormorant_Strike_VII_to_commence_in_September_20160825_02p2 Exercise_Cormorant_Strike_VII_to_commence_in_September_20160825_02p3