Friday, September 20, 2024

General line - 0115112241

නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුට උසස්වීම්




නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරය සදහා උසස් කර තිබෙනවා.

මෙම උසස්වීම් ලබාදී ඇත්තේ හම්බන්තොට සහ මාතර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහට මෙන්ම බදුල්ල සහ මොණරාගල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාරටයි.

ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු ඉකුත්දා විශ‍්‍රාම ගැනීමෙන් ඇති වූ පුරප්පාඩු වෙනුවෙන් මෙම උසස්වීම් පොලිස්පතිවරයා විසින් සිදුකර තිබෙනවා. ඒ, පොලිස් කොමිසමේ නිර්දේශ මතයි.