තමන් අපේක්ෂා කළ ආසන ගණන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබී ඇති බව එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කෙසේවෙතත් පක්ෂය ගොඩගැනීම සඳහා කඩිනමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා නම් කිරීමට තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියා.
ජනතාව ලබාදුන් ජන වරම පිළිගන්නා බවත් 2029 වසරේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරයා පත් කිරීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.