මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ ජාතික ජන බලවේගය වෙත සමගි ජන බලවේගය විසින් සුබ පැතුම් එක්කර තිබෙනවා.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ජනතාව බලාපොරොත්තු වන යහපත් රාජ්‍ය පාලනයක් සඳහා ජනතාවගේ සිතුම් පැතුම් ඉටුවන දේශයක් ගොඩනැගීම සඳහා අවශ්‍ය ශක්තිය වත්මන් පාලනයට නොඅඩුව ලැබී ඇති බවයි.
එමඟින් රටක් ලෙස අප මේ මොහොතේ මුහුණ දී සිටින දුෂ්කරතා ජය ගැනීමේ හැකියාව වත්මන් පාලනයට උදාවනු ඇති බවද සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙනවා.
පැවති දේශපාලන බලවේග තුනෙන් දෙකක බලය භාවිත කරමින් ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතීන් කඩකරන, නීති සම්පාදනය කළ ආකාරය අමතක නොකරන ලෙස වත්මන් රජයට සිහිපත් කරන බවද සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.