මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාව විසින් අදාළ නම් රජයේ මුද්‍රණාලය වෙත යොමු කර තිබුණා.
රජයේ මුද්‍රණාලය වෙත යොමුකර ඇත්තේ ආසන මට්ටමින් ජයගත් මන්ත්‍රීවරුන්ගේ නම් පමණයි.
ඒ, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සඳහා නම් කෙරෙන පුද්ගලයන්ගේ නම් ඇතැම් පක්ෂ විසින් මෙතෙක් මැතිවරණ කොමිසමට යොමු කර නොතිබීම හේතුවෙන්.
මේ අතර මැතිවරණයට තරග කර පරාජයට පත් වූ අපේක්ෂකයන් හෝ ජාතික ලැයිස්තුවෙන් හැර වෙනත් පුද්ගලයින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සඳහා නම් කළ නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවා.