මෙරට අගවිනිසුරුවරිය ලෙස විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය පත්කිරීමේ නිර්දේශය අනුමත කර ඇතැයි වාර්තා වනවා.
ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින්. මෙරට වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය ඉකුත් ඔක්තෝම්බර් 10 වනදා දිවුරුම් දුන්නා.
කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරිණියක් වන ඇය 1985 වසරේදී නීතිපති දෙපාර්තමේන්තුව හා එක්වී තිබෙනවා.
1997 වසරේදී ඇය නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියක් ලෙසත් 2014 වසරේ දී අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරටත් උසස් වීම් ලැබුවා.