Friday, September 20, 2024

General line - 0115112241

‘අත’ට පණ – බුලත් කොළයට තිත!




ඉදිරි මැතිවරණවලදී ‘අත’ ලකුණ යටතේ තරග වැදීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය අපේක්ෂාවෙන් සිටින බව එහි මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

කුරුණෑගල අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ මේ සම්බන්ධයෙන් සන්ධානයේ සෙසු පක්ෂ සමග මේ වන විටත් සාකච්ඡා පවත්වා ඇති බවයි.

එම සාකච්ඡා ඉතා සාර්ථක මට්ටමක පවතින බවයි අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ.

පක්ෂයට ද්‍රෝහීකම් කරන පුද්ගලයින්ට ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ප‍්‍රතිචාර දක්වනු ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.