හෙරොයින් ග්‍රෑම් 06 යි මිලි ග්‍රෑම් 500 ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවලට වරදකරු කෙරුණු විත්තිකරුවකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා අද සිරදඬුවම් නියම කළා.
කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් එම තීන්දුව ලබා දුන්නා.
2021 වසරේ ජුනි මස 21 වනදා මට්ටක්කුලිය, ශ්‍රී වික්‍රමපුර ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 06 යි මිලි ග්‍රෑම් 500 ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණා.