අනවශ්‍ය ලෙස ලුණු තොග රැස්කර ගැනීමෙන් වලකින ලෙස හම්බන්තොට ලංකා ලුණු සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එම සංගමයේ සභාපති ඩී නන්න්ද තිලක මහතා පැවසුවේ ජනවාරි මාසය දක්වා රට තුළ පවති ලුණු සංචිතය ප්‍රමාණවත් වන බවයි.
කිසිදු විටක රට තුළ ලුණු හිඟයක්ඇති නොවන බවත් ඒ සඳහා අවශ්‍ය වැඩකටයුතු රජය මැදිහත් වී සිදුකරමින් පවතින බවත් හම්බන්තොට ලංකා ලුණු සංගමයේ සභාපති ඩී නන්න්ද තිලක මහතා වැඩිදුරටත් සඳහන් කළා.