Wednesday, January 1, 2025

General line - 0115112241

එළවළු මිල ගණන් යළිත් ඉහළට - තොග නොලැබීම නිසා ආර්ථික මධ්‍යස්ථාන හිමියන්ගෙන් මැසිවිලි




පසුගිය දින කිහිපයට සාපේක්ෂව වෙළඳපොළෙහි එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇති බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමය පවසනවා. 

එම සංගමයේ සභාපති සී ඒ සිරිවර්ධන මහතා පැවසුවේ ආර්ථික මධ්‍යස්ථානවලට ලැබෙන එළවළු ප්‍රමාණවත් නොවීම නිසා වෙළඳපොළ තුළ එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇති බවයි.


කෙසේවෙතත් එළවළු වර්ග කිහිපයක මිල ගණන් තවමත් පහළ මට්ටක පවතින බවයි  දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමයේ සභාපති සී ඒ සිරිවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවේ.