Friday, January 3, 2025

General line - 0115112241

විදුලිබල පනත සංශෝධනයට අමාත්‍ය මණ්ඩලයෙන් තීරණයක්




2024 අංක 36 දරණ ශ්‍රී ලංකා විදුලිබල පනත අධ්‍යයනය කර යෝග්‍ය සංශෝධන සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. 

ඊට අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ බලශක්ති අමාත්‍යවරයා විසින්. පාර්ශවකරුවන්, විදුලිබල සහ බලශක්ති ක්ෂේ්‍රත්‍රයේ විශේෂඥයින්ගෙන් සමන්විතව එම කමිටුව පත් කිරීමටයි තීරණය වී ඇත්තේ.

2024 වසරේ ජූනි මස 27 වනදා සිට බලාත්මක වී ඇති විදුලි පනතේ විධිවිධාන, යෝජිත ආයතන හා ඒවායේ කාර්ය භාර්යන් සහ වගකීම් එකී පනතින් අපේක්ෂිත අරමුණු සපයා ගැනීමේහිලා අපොහොසත් වන බවට සහ විදුලිබල කර්මාන්තයට සහ පාරිභෝගිකයන් මත අමතර බරක් පැටවෙන බව විවිධ පාර්ශව විසින් කරුණු දක්වා තිබෙනවා. 

එකී තත්ත්වයන් සැලකිල්ලට ගෙනයි අමාත්‍ය මණ්ඩලය මෙම තීරණයට එළඹ ඇත්තේ.