හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හෝටලයක පිටත ගිණිකෙළි සංදර්ශන සඳහා භාවිත කරන ද්‍රව්‍ය පුරවා ගත් ට්‍රක් රථයක් පිපිරී එක් අයෙකු මිය ගොස් 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
නේවාඩාහි ලාස්වේගාස් නුවර පිහිටි ඩොනල්ඩ් ට්‍රම්ප්ට අයත් හෝටලයක් අසලයි මෙම පිපිරීම සිදුව ඇත්තේ.
සිද්ධියෙන් මිය ගොස් තිබෙන්නේ ට්‍රක් රථයේ රියදුරුයි.
හෝටලය ඉදිරිපිට වීදුරු දොරටුවක් අසල ට්‍රක් රථය නවතා රියදුරු දුම් පානය කිරීමට පටන්ගෙන ඇති අතර එම අවස්ථාවේ එය පුපුරා ගොස් ඇති බවයි ඇමෙරිකා එෆ් බී අයි ආරක්ෂක අංශ සඳහන් කරන්නේ.
අයි එස් කණ්ඩායමේ ධජයක් සහිත ට්‍රක් රථයක් ඕර්ලියන්ස් හිදී මිනිසුන් අතරට පදවා යාමේ සිද්ධියෙන් පැය කිහිපයකට පසුවයි ට්‍රම්ප්ගේ හෝටලය ඉදිරිපිට මෙම පිපිරීම සිදුව තිබෙන්නේ.
මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් ද යන්න පිළිබඳ පරීක්ෂණ පවත්වන බවයි ඇමෙරිකා එෆ් බී අයි ආරක්ෂක අංශ සඳහන් කරන්නේ.