චීනයේ පැතිරුණු HMPV වෛරසය මෙරට තුළ ද පැතිර පැවතීමේ හැකියාවක් පැවතීමට ඉඩ ඇතැයි වෛද්‍ය විශේෂඥයින් පවසනවා.
කෙසේවෙතත් මෙම රෝගී තත්ත්වය බරපතල අවධානමක් මතු නොකරන බවයි ආසාද්මිකතා ප්‍රතිශක්තිකරණ විද්‍යා සහ ශෛලජීව විද්‍යා ආයතනයේ අධ්යක්ෂ මහාචාර්ය චන්දිම ජිවන්දර
මහතා පැවසුවේ.
අනුක සහ ප්‍රතිශක්තිකරණ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කළේ රෝග ලක්ෂණ පවතින්නේ නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සිදුකල යුතු බවයි.
මහාචාර්ය චන්දිම ජිවන්දර මහතා සඳහන් කළේ මෙරටින් රෝගීන් හමු වූ බවට වාර්තා වුවද ඒ පිළිබඳ අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැති බවයි.
මේ අතර සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ද පාර්ලිමේන්තුවේදී අද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.