Friday, January 10, 2025

General line - 0115112241

සහල් ආනයනයට ලබාදුන් අවසරය හෙටින් අවසන්




රජය විසින් සහල් ආනයනය කිරීම සඳහා ලබා දී තිබූ අවසරය හෙටින් අවසන් වීමට නියමිතයි.

ඊයේ දහවල් 12 වන විට සහල් මෙට්‍රික් ටොන් එක් ලක්ෂ 15,000කට අධික ප්‍රමාණයක් ආනයනය කර රේගුව මඟින් නිශ්කාෂනය කර ඇති බවයි වාර්තා වන්නේ. 

එම සහල් තොගය තුළ කැකුලු‍ සහල් ටොන් 45,000ක් සහ තැම්බූ සහල් ටොන් 70,000ක් ඇති බව සඳහන්. 

පවතින සහල් හිඟයට පිළියමක් ලෙස මෙම මස 10 වනදා දක්වා සහල් ආනයන කිරීමට රජය විසින් අවසර ලබා දී තිබුණා.