අභියාචනාධිකරණ නව විනිසුරුවරුන් දෙදෙනෙක් අද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.
ඒ, ජනාධිපති කාර්යාලයේදීයි. නීතිඥ කේ. එම්. එස්. දිසානායක සහ නීතිඥ ආර්. පී. හෙට්ටිආරච්චි යන මහත්වරුන් එලෙස දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා.
මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඌව පළාත් ප්‍රධාන ලේකම්වරයා ලෙස එම්. එල්. ගම්මම්පිල මහතා පත් කර තිබෙනවා.
ඒ, ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී අද එම්. එල්. ගම්මම්පිල මහතා වෙත ප්‍රදානය කර තිබෙනවා.