මහ කන්නයේ වී සඳහා සහතික මිලක් ලබාදෙන ලෙස ගොවීන් රජයෙන් ඉල්ලා සිටිනවා.
ඒකාබද්ධ ගොවිජන යෝජනාවලියක් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාට භාරදෙමින් ගොවි සංගම් ඉල්ලා සිටියේ වී කිලෝ එකක් සඳහා රුපියල් 130ත් 140ත් අතර මිලක් නියම කරන ලෙසයි.
මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඒකාබද්ධ ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා.
කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා ද පැවසුවේ ගොවීන්ට සාධාරණයක් වන අයුරින් වී සඳහා සහතික මිලක් ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.
පවතින පොහොර ගැටළුව සහ සහල් ගැටළුව සම්බන්ධයෙන් හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙලෙස අදහස් පළ කළා.