පළාත් පාලන මැතිවරණ සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර පැවැත්වීමට මැතිවරණ කොමිසම කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ පක්ෂයක් ලෙස පළාත් පාලන මැතිවරණය සඳහා මේ වන විටත් සියලු කටයුතු සූදානම් කරමින් ඇති බවයි.
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ඉදිරියේදී එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසනවා.
මැතිවරණ පරාජයට පත් වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේදී සංවිධානාත්මකව පළාත් පාලන මැතිවරණයට මුහුණ දීමට සූදානමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසනවා.
ඔහු පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැරගිය සියලු කණ්ඩායම් සමඟ ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.
මැතිවරණ කාල සීමාව තුළදී රජය විසින් ජනතාවට ලබාදුන් පොරොන්දු හැකි ඉක්මනින් ඉටු කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා බදුල්ලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළා.