මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ අපරාධ කල්ලි සමාජිකයින්ට විවිධ අපරාධ සිදු කිරීම සඳහා යතුරුපැදි සොරකම් කර ලබාදුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් කළුතර පන්විල හේන වත්ත ප්‍රදේශයේ සිදුකල මෙහෙයුමකදීයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල, කිතුලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි ‘ගාල්ලේ ගඩ්ඩා’ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙක්.
සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසු ගාල්ල, අහුංගල්ල සහ කළුතර ප්‍රදේශවල සගවා තිබූ යතුරුපැදි හතරක් සහ වෙනත් අංක තහඩු දෙකක් ද සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.
සැකකරු විසින් සොරකම් කරන ලද යතුරු පැදි රන් මාල මංකොල්ලකෑම්, පුද්ගල පහරදීම් සහ මනුෂ්‍ය ඝාතන සිදු කිරීම සඳහා දකුණු පළාතේ අපරාධ කල්ලි සාමාජිකයන් වෙත ලබා ඇති බවටයි තොරතුරු අනාවරණවී ඇත්තේ.
මෙම සැකකරුට පුද්ගල පහරදීම්, හෙරොයින් ජාවාරම් කිරීම් සහ සොරකම් කිරීම් සම්බන්ධයෙන් ද දිවයිනේ විවිධ අධිකරණවල නඩු කටයුතු පවතින බවටද තොරතුරු අනාවරණවී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.