මෙරට උපත් සංඛ්‍යාව අඩු වීම අනාගතයේ ශ්‍රම බලකාය කෙරෙහි දැඩිව බලපානු ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසනවා.
2023 වසර වන විට මෙරට උපත් සංඛ්‍යාව දෙලක්ෂ 47,900 දක්වා අඩු වී ඇතැයි නෙත් නිවුස් වෙත ඔහු කියා සිටියා.
මේ අතරතුර මෙරට වයෝවෘධ ජන ගහනය ක්‍රමක්‍රමයෙන් වැඩිවීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
එමෙන්ම මෙරට මියයන ප්‍රමාණය ද ඉහළ ගොස් ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහචාර්ය වසන්ත අතුකෝරළ මහතා වැඩිදුරටත් පැවසුවා.