Wednesday, February 5, 2025

General line - 0115112241

ජපන් පාසල් සිසුවෙකු ඝාතනය කළ චීන ජාතිකයෙකුට මරණ දඬුවම




ජපන් පාසල් සිසුවෙකු තියුණු ආයුධයකින් ඇණ ඝාතය කිරීමේ චෝදනාවට චීන ජාතිකයෙකුට මරණ දඬුවම නියම කර තිබෙනවා. 

ඒ, චීනයේ අධිකරණයක් විසින්. පසුගිය සැප්තැම්බර් මාසයේදී චීනයේ දකුණු සෙන්ෂෙන් නගරයේදී මෙම ඝාතනය සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වසය අවුරුදු 10ක් වූ ජපන් පාසල් සිසුවෙක්. 

එම ඝාතනයත් සමග චීනයේ වෙසෙන ජපන් ජාතිකයන් මහත් කනස්සල්ලට පත්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

පසුගිය ජුනි මාසයේදී සුෂෝ පළාතේදී ජපන් මවකට සහ දරුවෙකුට පහර දීමේදී ඔවුන් ආරක්‍ෂා කිරීමට උත්සහ කළ චීන කාන්තාවක් ඝාතනය කළ චීන ජාතිකයෙකුටද එරට තවත් අධිකරණයක් විසින් මරණ දඬුවම නියම කර තිබෙනවා. 

අධිකරණය ලබා දුන් එම නියෝගයෙන් දිනකට පසුව ජපන් පාසල් සිසුවා ඝාතනය කළ චීන ජාතිකයාට මරණ දඬුවම නියම කිරීම විශේෂත්වයක් වනවා. 

චීන අධිකරණය විසින් පසුගිය කාලසීමාවේ ආන්දෝලනාත්මක සිද්ධීන් කිහිපයකට අදාළ වැරදිකරුවන්ට එරෙහිව මරණ දඬුවම නියම කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.