කොංගෝ රාජ්‍යයේ සේවයේ නියුතු විදෙස් සාමසාධක භටයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ. ජගත් සංවිධානයේ එම් 23 සාමසාධක කණ්ඩායමට අයත් සෙබලුන් 13 දෙනෙකු වනවා
ගෝමා නගරයෙන් කැරළිකරුවන් පළවාහැරීමට සටන් කළ දකුණු අප්‍රිකාවට අයත් සාමසාධක භටයින් 9 දෙනෙකු මලාවි රාජ්‍යයේ සාමසාධක භටයින් තුන් දෙනෙකු හා උරුගුවේ එක් සාමසාධක භටයෙකු මියගිය පිරිස අතරට අයත් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
මෙම ගැටුම් සම්බන්ධයෙන් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්, කොංගෝ හා රුවන්ඩා රාජ්‍ය නායකයින් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
එමෙන්ම ගෝමා නගරයේ සේවයේ නියුතු ජගත් සංවිධානයට අයත් අත්‍යවශ්‍ය නොවන සේවාවල නිරත කාර්ය මණ්ඩලය ඉන් ඉවත්කර ගැනීමට ද එම සංවිධානය තීරණය කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.