ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරත වනවා. සිය සංචාරය තුළදී ජනාධිපතිවරයා වැඩසටහන් කිහිපයකට සහභාගී වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
ඒ අනුව යාපනයේ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක සංවර්ධන වැඩපිළිවෙළ සහ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡා කෙරෙන යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම පෙරවරු 10.30ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණා.
එමෙන්ම පස්වරු 1යි 30ට යාපනය වැල්වැටිතුරේ ප්‍රදේශයේ සහ පස්වරු 3යි 30ට චාවකච්චේරි ප්‍රදේශයේ පැවැත්වෙන සුහද හමු දෙකකටද ජනාධිපතිවරයා එක් එක්වීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
මේ අතර, ඉදිරි අයවැයේදී සෙසු පළාත්වලට මෙන්ම උතුරටද සුවිශේෂී වූ ව්‍යාපෘති රැසක් ජනාධිපතිවරයා ඉදිරිපත් කරනු ඇති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවා.