සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර තවත් සාකච්ඡාවක් පැවැත්වුණා.
ඒ, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාගේ නිවසේදීයි. එම සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂ මහලේකම් තලතා අතුකෝරළ මහත්මිය, සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා මෙන්ම එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගයන්ත කරුණාතිලක, මුජිබර් රහුමාන්, කබීර් හෂීම් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
එම සාකච්ඡාවට සහභාගි වීමට පැමිණෙමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගෙන් මාධ්‍යවේදීන් විමසීමක් කළා.
එම සාකච්ඡාව නිම වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් එක්සත් ජාතික පක්ෂ මහලේකම් තලතා අතුකොර්ළ මහත්මියගෙන් සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතාගෙන්ද විමසීමක් කළා.
මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂයේ දේශපාලන පක්ෂවල නියෝජිතයන් අතර සාකච්ඡාවක් ද කොළඹදී පැවැත්වුණා.
මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා.
එම සාකච්ඡාවට පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාද එක්ව සිටි අතර එහිදී සාකච්ඡා වූ කරුණු සම්බන්ධයෙන් ඔහුද මෙලෙස අදහස් පළ කළා.