ගාල්ල, හිනිඳුම, මහබෝධිවත්ත ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
පොලිස් කණ්ඩායම් 07ක් එලෙස විමර්ශන කටයුතු කරන බවයි පොලීසිය පැවසුවේ.
යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩිතැබීමෙන් පුද්ගලයින් තිදෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ.
එම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි නවාතැන්පොළේ හිමිකරු මෙන්ම හිනිඳුම සහ අම්බලන්ගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක් බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.