Monday, February 3, 2025

General line - 0115112241

ඕස්ට්‍රේලියාවේ ගංවතුර උග්‍ර අතට - අධිවේගී මාර්ගයක කොටසකුත් කඩා වැටෙයි




ඕස්ට්‍රේලියා ගංවතුර හේතුවෙන් එරට ප්‍රධාන අධිවේගී මාර්ගයක කොටසක් කඩා වැටී තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ගංවතුර උග්‍ර අතට පත්වීමත් සමග ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන අධිවේගී මාර්ගයක කොටසක් මෙසේ කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නිවාස 2,000 ක්, ඒවායේ දෙවන මහල දක්වා ජලයෙන් යටවිය හැකි බවට ද අනතුරු අඟවා තිබෙනවා .

මෙය වසර 60 කට පසු එම කලාපයට ඇති වූ දරුණුතම ගංවතුර තත්ත්වය විය හැකි බවට කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

මේ හේතුවෙන් ටවුන්ස්විල්, ඉන්ග්හැම් හා කාඩ්වෙල් හි ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා.

ඕස්ට්‍රේලියා අගමැති ඇන්තනි අල්බනීස් සඳහන් කළේ  විපතට පත්වූවන්ට කඩිනමින් සහන සලසන බවයි.