Monday, February 3, 2025

General line - 0115112241

කොළඹ හෙට විශේෂ රථ වාහන සැලැස්මක්.




කොළඹ ප්‍රදේශ කිහිපයක හෙට දිනයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. 

ඒ, “ජාතික පුනරුදයට පෙළ ගැසෙමු” යන තේමාව යටතේ පැවැත්වෙන 77 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය හේතුවෙන්. 

එම උත්සවය කොළඹ නිදහස් චතුරස්‍රයේදී හෙට පැවැත්වෙනවා. 

ඒ අනුව ඒ අවට මාර්ග කිහිපයක රථ වාහන සැලැස්ම ක්‍රියාත්මකයි. 

ඒ යටතේ ඇතැම් මාර්ගවල ගමනා ගමනය සීමා කිරීම්, මාර්ග වසා තැබීම් සිදුවන බවත්, විකල්ප මාර්ග භාවිත කිරීමට ද රියදුරන්ට සිදුවන බවත් පොලිසිය පැවසුවා. 

විශේෂ රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක මාර්ග ඇතුළත් පොලිසිය විසින් නිකුත් කළ නිවේදනය පහතින්