Monday, February 3, 2025

General line - 0115112241

මෙරට මුහුදු සීමාවේ මසුන් මැරූ තවත් ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට




මෙරට මුහුදු සීමාවේ මසුන් මැරූ තවත් ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්. දකුණු මන්නාරම් මුහුදු සීමාවේදී එම ඉන්දීය ධීවරයින් පිරිස අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව පැවසුවේ. 

ඉන්දීය ධීවරයින් පැමිණි බෝට්ටුව ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. 

ඉදිරි නීතිමය කටයුතු සඳහා එම ධීවරයින් ධීවර දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබෙනවා. 

වසරේ ගත වූ කාල සීමාව තුළ මෙරට මුහුදු සීමාවේ මසුන් මැරූ ඉන්දීය ධීවරයන් 75 දෙනෙකු යාත්‍රා 08ක් සමඟ සිය භාරයට ගත් බවයි නාවික හමුදාව වැඩිදුරටත් පැවසුවේ.