නීති විරෝධී එකලස් කරන ලද වාහන 05ක් වලාන මධ්‍යම දූෂණ ර්මර්ධන ප්‍රහාරක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා
ඒ කලවාන පොලිස් වසමේ මානාන හා කොස්වත්ත ප්‍රදේශ වලදී වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කල වැටලීමකදියි.
එහිදී නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වා එකලස් කරන ලද හෝ සොරකම් කරන ලද වාහන වලට වැසි අංක කොටා කූඨ ලේඛණ භාවිතා කරමින් ලියාපදිංචි කර ඇති බවට සැක කරන ලද ජිප් රථ 02ක්, කාර් රථ 02ක් හා ඩිෆෙන්ඩර් රථයක් පොලිස් භාරයට ගත් බවයි කලවාන පොලිසිය සඳහන් කර සිටියේ
මෙම වාහන වල හිමිකරු සන්තකයේ තිබූ බලපත්‍ර පරීක්ෂා කරමින් සිටියදී ඔහුට ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා කලවාන රෝහලට ඇතුලත් කර ඇත.
ඉදිරි විමර්ශන කටයුතු කලවාන පොලිස් ස්ථානය හා වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය මඟින් සිදු කරගෙන යනු ලබනවා.