Monday, February 3, 2025

General line - 0115112241

වාලම්පුරි දහයක් අලෙවි කිරීමට රැගෙන යමින් සිටි සැකකරුවෙකු ගනේමුල්ල නගරයේදී අත්අඩංගුවට.

ටී කේ ජී කපිල




වාලම්පූරි දහයක් අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටි පුද්ගලයෙකු ගනේමුල්ල නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ගනේමුල්ල පොලිසිය පැවසුවේ සැකකරු එම වාලම්පුරි සිය මෝටර් රථයෙන් රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි. 

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

එම වාලම්පුරි දහයේ වටිනාකම රුපියල් ලක්ෂ දහයකට අධික වනවා. සැකකරු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි පොලිසිය පැවසුවේ.