Monday, February 3, 2025

General line - 0115112241

එජාප සහ සජබ නායකයින්ට අනුර යාපාගෙන් සැර ප්‍රකාශයක්




මෙරට ප්‍රධාන පක්ෂ දෙක බිඳ වැටීම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට හිතකර නොවන බව හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසනවා. 

මෙවැනි පසුබිමක් තුළ එම පක්ෂ දෙක ශක්තිමත් කිරීමට එහි නායකයින්ට නොහැකි නම් ඔවුන් දේශපාලනයෙන් සමුගත යුතු බවයි හිටපු අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ. 


සිය දේශපාලන කඳවුර ශක්තිමත් කිරීම සඳහා උත්සාහයක නිරත වෙමින් සිටින බවද හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා වැඩිදුරටත් පැවසුවා.


මේ අතර සිය පක්ෂය හැරගිය පිරිස් යළි එක්කර ගැනීමේ වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වී චානක මහතා පැවසුවේ.