“කලවාන පොල්කොටුවේ ගඩ්ඩා” ලෙස හඳුන්වනු ලබන කෝටිපති වාහන ව්‍යාපාරිකයෙකු සිදු කරගෙන යනු ලබන ජාවාරමක් නීතියේ රැහැනට හසු කරගෙන තිබෙනවා.
ඒ, වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකායට ලද තොරතුරකට අනුව සිදුකල විමර්ශනයකදීයි.
සැකකරු ව්‍යාජ එන්ජින් අංක හා චැසි අංක කොටා, කූඨ ලේඛන සකස් කර වාහන විකුණා කෝටි ගණනින් මුදල් උපයා ඇති බවයි වාර්තා වුණේ.
“කලවාන පොල්කොටුවේ ගඩ්ඩා” විසින් එලෙස ව්‍යාජ ලෙස සකස් කළ වාහන 05ක් සොයාගෙන තිබෙනවා.
ඒ, වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකායේ පොලිස් කණ්ඩායම් දෙකක් කලවාන ප්‍රදේශයේ සිදුකල වැටලීමකදීයි.
එම වාහන පහ ස්ථාන තුනක සූක්ෂම ලෙස සගවා තිබූ බවයි පොලිසිය පැවසුවේ.
ඒවායේ වටිනාකම රුපියල් කෝටි 07ක් පමණ වන බව සඳහන්.
වැටලීම සිදු කරන අවස්ථාවේ එම ජාවාරම සිදුකර සැකකරු බියට පත්ව ක්ලාන්ත වී ඇද වැටී තිබෙනවා.
රත්නපුර මූලික රෝහලට ඇතුළත් කළ ඔහු එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි පොලිසිය පැවසුවේ.