ඇමෙරිකාවේ මගී ප්‍රවාහන ගුවන්යානයක ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ගිනිගැනීමට ලක්වී තිබෙනවා
යුනයිටඩ් එයාර්ලයින්ස් සමාගමට අයත් මගී ප්‍රවාහන ගුවන්යානයක් එලෙස ගින්ගනිමට ලක්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
ඇමෙරිකාවේ හූස්ටන් ගුවන්තොටපොළෙන් එරට වේලාවෙන් පෙ.ව. 8:35 ට පමණ ගුවන්ගතකිරීමට මොහොතකට පෙර එහි එන්ජිමක ගින්නක් හටගෙන තිබෙනවා
ගින්න ඇතිවන අවස්ථාවේ යානයේ මගීන් 104 ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙක් ඇතුළුව පුද්ගලයින් 108 දෙනෙක් සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
එමෙන්ම ඔවුන් සියලුදෙනාම ආරක්ෂිතව කඩිනමින් ඉවත් කර ගින්න පැතිරීම වළක්වා ගැනීමට බලධාරීන් පියවර ගෙන තිබුනා.
මේ වන විට කිසිදු තුවාලයක් වාර්තා වී නොමැති අතර පසුව මගීන් 104දෙනා වෙනත් ගුවන් යානයකින් ගමනාන්තයට පිටත් කර යවා තිබෙනවා