Monday, February 3, 2025

General line - 0115112241

හිටපු ජනපතිවරයෙකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සැලැස්මක් ගම්මන්පිල හෙළි කරයි




හිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලෙයි මහතා සහ හිටපු ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව නව සැලැස්මක් සකස් කරමින් සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා. 

පාස්කු ප්‍රහාරයට අදාලව ඔවුන් දෙදෙනා එලෙස අත්අඩංගුවට ගැනීමට සැලසුම් කරන බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උදය ගම්මන්පිල මහතා පැවසුවේ.


මේ එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා.