Tuesday, February 4, 2025

General line - 0115112241

හිනිදුම ත්‍රිපුද්ගල ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

චන්දන රුද්‍රිගු




හිනිදුම් ප්‍රදේශයේදී පුද්ගලයින් තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඉන් එක්  සැකකරුවෙක් හිමිදුම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අනිත් සැකකරු පිටිගල ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි විමර්ශන නිලධාරීන් සඳහන් කළේ. 

හිනිදුම් ප්‍රදේශයේ පදිංචි සැකකරු ගාල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයෙක් සහ හිටපු අමාත්‍ය මනුෂ්‍ය නානායක්කාර මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් වන අතර පිටිගල ප්‍රදේශයේ පදිංචි සැකකරු පිටිගල සුද්දා නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන අයෙක් බව සඳහන්. 

හිනිදුම් ප්‍රදේශයේ පදිංචි හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයා මියගිය එක් පුද්ගලයෙකුගෙන් ම විදෙස් ගතකිරීම සඳහා රුපියල් ලක්ෂ විසිපහක මුදලක් ලබාගෙන ඇති අතර එම මුදල නැවත ලබාදෙන ලෙස අදාල පුද්ගලයා සැකකරුගෙන් ඉල්ලා තිබෙනවා .

ඒ අනුව එම මුදල ලබා ගැනීම සඳහා පැමිණෙන ලෙස ඉල්ලා අදාළ ඝාතනය සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ. 

හිටපු සම්බන්ධීකරණ ලේකම්රයා පිටිගල සුද්දා නමැත්තට ලබා දුන් කොන්ත්‍රාත්තුවක් මත පිටිගල සුද්දා අදාළ ගහතනය සැලසුම් කර තිබෙන බවයි විමර්ශන නිලධාරීන් සඳහන් කළේ.