ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ නව අධ්‍යක්ෂ ලෙස බ්‍රිගේඩියර් වරුණ ගමගේ මහතා රාජකාරී ආරම්භ කර තිබෙනවා.
ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා 1993 මැයි 05 වැනි දින ශ්‍රී ලංකා යුද හමුදාවට ඇතුළත්ව මූලික යුද පුහුණුව නිම කිරීමෙන් පසු දෙවැනි ලුතිනන්වරයකු ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායට එක්ව තිබෙනවා.
ජාතික ආරක්ෂක විද්‍යාලයේ සහ ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපාධිධාරියෙක් වන බ්‍රිගේඩියර් වරුණ ගමගේ මහතා රාජ්‍ය පරිපාලනය සහ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරියෙක්.
එමෙන්ම මේ වනවිට ජාතික ආරක්‍ෂාව සහ උපායමාර්ගික අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධියද හදාරමින් සිටිනවා.
වරුණ ගමගේ මහතා දේශීය හා විදේශිය වෘත්තීය පුහුණු පාඨමාලා රාශියක් හදාරා ඇති අතර, යුද හමුදාව තුළ ප්‍රධාන තනතුරු රාශියක් හොබවා ඇති අත්දැකිම්වලින් පරිපූර්ණ ජ්‍යේෂ්ඨ නිලධාරියෙක්.