තවත් වසර 04ක් ඇතුළත ආණ්ඩුව කඩා වැටෙනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසනවා.
ඔහු කියා සිටියේ පාලකයින් ලෙස වත්මන් ආණ්ඩුව අසාර්ථක බවයි.
සංජීව එදිරිමාන්න මහතා මෙහිදී කියා සිටියේ විපක්ෂයේ ශක්තියද මේ වන විට වැඩි වෙමින් ඇති බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ එක්වෙමින්.