ආගමන හා විගමන පනත යටතේ චෝදනා ලබා සිටින හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා නිකුත් කළ වරෙන්තු ආපසු කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
ඒ, සිද්ධියට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි.
ඒ අවස්ථාවේ විත්තිකාර ඩයනා ගමගේ මහත්මිය අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය විසින් මෙම වරෙන්තු නිකුත් කිරීම සිදුකළා.
එම නඩුව අද විභාගයට ගැනීමට නියමිතව තිබුණා.