ජපාන අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා ඇමෙරිකාවේ නිල සංචාරයක නිරත වී තිබෙනවා
ඒ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරාධනයකට අනුවයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ධවල මන්දිරයට පැමිණි දෙවන රාජ්‍ය නායකයා වන්නේ ජපාන අග්‍රාමාත්‍යවරයායි.
එහිදී චීන ආර්ථීක ආක්‍රමනයට එරෙහිව ඇමෙරිකාව හා ජපානය එක්ව සටන් කරන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
ජපාන අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා සමග පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව පවසා තිබෙනවා
තවද ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දකුණු චීන මුහුදේ ප්‍රකෝපකාරී ක්‍රියාකාරකම් සම්බන්දයෙන්ද චීනය හෙළා දැක තිබෙනවා .
මෙම හමුවේදී ජපානය සමඟ එක්සත් ජනපද වෙළඳ හිඟය අඩු කරන ලෙස ඇමෙරිකා ජනාධිපති ජපාන අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබාට පවසා ඇති අතර එසේ කිරීමට අපොහොසත් වුවහොත් ජපානය අපනයනය කරන භාණ්ඩ සඳහා වන තීරුබදු වලට මුහුණ දිය හැකි බවට අනතුරු ඇඟවා තිබෙනවා
ජපාන අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා පවසා සිටියේ තම රට එක්සත් ජනපදයේ විශාලතම ආයෝජකයා බවත් එහි වියදම් වැඩි කරන බවයි.
තවද ඇමෙරිකාවෙන් ස්වභාවික වායු ආනයනය තවදුරටත් ඉහළ නංවන බවයි ජපානය ප්‍රකාශ කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
ඔවුන් උතුරු කොරියාව න්‍යෂ්ටිකකරණයෙන් තොර රටක් සඳහා ද ඉල්ලා සිටිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.