ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙරටට රැගෙන ආ රොටුඹ උපාලි නැමැත්තා දින 07ක රැඳවුම් නියෝග මත රඳවා තැබීමට අවසර හිමිව තිබෙනවා.
ඒ, සැකකරු මාතර මහේස්ත්‍රාත් නිල නිවසේදී මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට රැගෙන ඒමෙන් පසු එලෙස රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා.
ඒ අනුව සැකකරු දින 07ක රැඳවුම් නියෝග මත තිහගොඩ පොලිස් ස්ථානයේ රඳවා තැබීමට අවසර හිමි වූ බවයි පොලීසිය පැවසුවේ.
මනුෂ්‍ය ඝාතන දෙකකට සහ ස්ත්‍රී දූෂණයකට 39 හැවිරිදි රොටුඹ උපාලි නමැත්තාට චෝදනා එල්ල වනවා.
ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට රැගෙන එන ලද තවත් සැකකරුවෙකු වන ප්‍රදීප් සඳරුවන් නොහොත් කොළොන්නාවේ චන්දන නමැත්තා පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමටද රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා.
බස්නාහිර දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් ආරක්ෂක අමාත්‍යාංශයට සැකකරු ඉදිරිපත් කරමින් එම රැඳවුම් නියෝගය ලබාගෙන ඇති බවයි පොලීසිය පැවසූවේ.
ඒ අනුව සැකකරු බස්නාහිර දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර හිමිවී තිබෙනවා.
මේ අතර රන්මුනි මහේෂ් හේමන්ත සිල්වා නමැති සැකකරු මේ වනවිට තංගල්ල පොලීසිය භාරයේ පසුවනවා.
ඔහු අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලීසිය පැවසුවේ.