ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 414ක් රැස් කළා.
ඇලෙක්ස් කේරි ලකුණු 156ක් සහ නායක ස්ටීවන් ස්මිත් ලකුණු 131ක් රැස් කළා. උස්මන් කවාජා ලකුණු 36යි.
සෙසු කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 35 සීමාව පසු කර යාමට අවස්ථාව හිමි වුණේ නැහැ.
ඒ අනුව ප්‍රභාත් ජයසූරිය කඩුලු 05ක් බිඳ හෙළුවා.
නිශාන් පීරිස් කඩුලු 03ක් සහ රමේෂ් මෙන්ඩිස් කඩුලු 02ක්ද දවා ගත්තා.
තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණඩායමේ පළමු ඉනිම ලකුණු 257කට සීමා වුණා.
කුසල් මෙන්ඩිස් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 85ක්.
දිනේෂ් චන්දිමාල් ලකුණු 74කට දැවී ගියා.
සිය අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟයට ක්‍රීඩා කරන දිමුත් කරුණාරත්න රැස් කළ ලකුණු සංඛ්‍යාව 36ක්.
රමේෂ් මෙන්ඩිස් දැවී ගියේ ලකුණු 28ක් රැස් කර සිටියදීයි.
පන්දු යැවීමේදී මිචෙල් ස්ටක්, නේතන් ලියෝන්, මැතිව් කුනේමන් කඩුලු 03 බැගින් දවා ගත්තා.
ඕස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 157ක් ඉදිරියෙන් පසුවනවා.
දෙරට අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තුන් වන දිනය අදයි.
තරඟය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.