වී අලෙවි මණ්ඩලය හරහා රජය වී කිලෝවක් වෙනුවෙන් ගෙවන මිල ගණන් සම්බන්ධයෙන් තවදුරටත් විවිධ අදහස් පළ වනවා.
ගොවීන් චෝදනා කළේ ප්‍රකාශයට පත් කළ එම මිල ගණන් තමන්ට ප්‍රමාණවත් නොවන බවයි.
ඒ අනුව වී සඳහා ගෙවන මුදල ඉහළ දමන ලෙසටද ගොවීන් ඉල්ලීම් කරනවා.
ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් වී අලෙවි මණ්ඩලයෙන්ද විමසීමක් කළා.
එහි සභාපති මංජුල පින්නලන්ද මහතා පැවසුවේ වී මිල තවත් ඉහළ දැමුවහොත් එය සහල් මිලද ඉහළ දැමීමට සිදු වන බවයි.
මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා.
වී අලෙවි මණ්ඩලය හරහා රජය වී කිලෝවක් වෙනුවෙන් ගෙවන මිල ගණන් පසුගියදා ප්‍රකාශයට පත් කළා.
ඒ අනුව වියළි නාඩු වී කිලෝවක් මිලදී ගන්නේ රුපියල් 120ටයි.
සම්බා වී කිලෝ එකක් රුපියල් 125කට මිලදී ගනු ලබනවා. කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132කට මිලදී ගැනීමටයි තීරණය කෙරුණේ.